Skip to main content

Posts

I Deliver Words: From Microphone to Mailbox

The story I told as a Human Book at Globe Art Point's 10th anniversary in Helsinki On 22 October 2026, I became a book.  Not a printed one. A Human Book, at the Human Library that Globe Art Point held for its 10th anniversary at Botta in Helsinki. Readers chose a book from the shelf, sat at my table for twenty minutes and asked me anything. My book was called  I Deliver Words: From Microphone to Mailbox . It has five chapters. This is the story I told. Chapter 1: Music studios and the newsroom I started writing songs at school. My very first song was about Sri Lankan politics. Yes, a schoolboy with big opinions. I wrote the words and the melody. Today I can't make a melody, and I can't sing, but that day it worked. My music teacher, Mr Dayaratne Korathota, knew me as a young poet. He gave us permission, and my friends and I sang my song in the school auditorium. After that, I wrote songs for many school events: Teachers' Day, prize days, every stage. In my final year, I...

Some nights, I hear a bird singing

ඔබ සුඕමි Suomi බස ඉගෙන ගන්නෙක්ද? Some nights, I hear a bird singing. I whistle back. And the bird replies. So now, my audience is one bird. Still, it's a live show. මේ, මුසාවක් නොව, ‘මානව පොතක්’ ලෙස මා අසා සිටි සියල්ලන්ට පැවැසූ මගේ ඇත්ත ෆින්ලන්ත අත්දැකීමය.  ඔබේ වාරය- ඔබත් කුරුල්ලෙක්ද? ඔබ ගයන්නේ සුඕමි බසින්ද? ඔබ මා අසන්නෙහිද, මම ඔබ අසන්නම්ද? භාෂාව යනු මානවයා කළ වටිනාම සොයාගැනීමකි. ගින්දර සහ රෝදය තරමටම එය වැදගත් ය. ෆින්ලන්ත භාෂාව ඉගෙනීමට ලාංකිකයන් මෙන්ම මෙහි පැමිණි බොහෝ දෙනා දක්වන උනන්දුව දකින විට මට දැනෙන්නේ මහත් ප්‍රමෝදයක්. ලොව ඕනෑම බසක් ඉගෙනීමට කෙනෙකු දරන කැපවීම, ඒ ඓතිහාසික මානව සොයාගැනීමට කෙරෙන ගෞරවයකි. එහෙත් නොරටක ජීවත් වන බොහෝ දෙනෙකු තුළ සිංහල ඉගෙනීමට, කතා කිරීමට, පොතපත කියවීමට ඇති උනන්දුව කෙමෙන් හීන වී යයි. වාණිජ ප්‍රයෝජනයකට එය ඍජුව සම්බන්ධ නොවීම ඊට හේතුව විය හැක. ඉදින් එය සාධාරණ හේතුවක් නොවෙද? ඇතැමෙක් භාෂා කිහිපයක ප්‍රවීණයෝ වෙති. එහෙත් කණගාටුව මව් බස ගැන ඔවුන් තුළ කිසිදු හැඟීමක් නැත. ළඟින් ම සිටින මිනිසුන් ගැනද ඔවුන්ට ඇත්තේ දුරස්ථ භාවයකි. එය ඔබ නිතර මෙහි අත්දකින ‘රැකියාවක් නැ...

A Chair Left Open: The Story Behind The Society at Silent Echo

For thirty years, my job was to talk.  On stage,  On TV/radio,  behind a microp hone, words were my work. But somewhere along the way, I began to notice what happens in the moments between words. The pause before someone answers. The silence after a song. The breath before a stranger decides to share something true. That silence became an idea.  Today I want to share it with you. WHERE IT BEGAN In Sri Lanka there is an ancient rock called Sigiriya. Its Mirror Wall was once polished so brightly that visitors could see themselves in it. Over many centuries, people who climbed it left poems and thoughts on that wall, words for strangers they would never meet. I have always loved that idea: a wall that listens, and a conversation that travels through time. THE SOCIETY AT SILENT ECHO On 2 January 2026, in Oulu, we held the first gathering of The Society at Silent Echo. It is simple. One question opens the evening. A guest shares life stories around it. Live music answers ...

මඩොල් දූව ස්වීඩනයට•

ස්වීඩන් ලේඛිකා ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්ගේ ‘පිප්පි ලෝන්ග්ස්ටොකින්’ මුලින් පළ වූයේ 1945දීය. පිප්පි යනු වැඩිහිටි පාලනයෙන් පිටත ජීවත් වන, අසාමාන්‍ය ශක්තියක් සහ රන් කාසි පිරුණු ගමන් මල්ලක් ඇති දැරියකි. ඇගේ පැවැත්මම වැඩිහිටියන් නියම කළ ළමා ලෝකය අවුල් කරයි.  ඊට වසර දෙකකට පසු පළ වන ‘මඩොල් දූව’ තුළ, ගෙදරින් පිටව ගොස් දූපතක තම ජීවිතය ගොඩනඟන පිරිමි දරුවන් දෙදෙනෙකු අපට හමුවෙයි. ඔවුන්ගේ ජීවිතය වෙනස් වන්නේ ශ්‍රමයත්, උත්සාහයත් ඔස්සේ.  පොතක් දේශසීමාවක් පසු කරන විට එහි චරිත අලුත් පාඨකයන් මුණගැසෙයි- ඔවුන් අතර පිළිසඳර කොයිවගේ වෙයිද? ස්ටොක්හෝම්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ස්වීඩන් පරිවර්තන ඇසුරේ පාසල් දරුවන් පිරිසකට ‘මඩොල් දූව’ හඳුන්වා දුන් පුවතක් මා කියවන්නේ ඒ අසබඩ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ලෙස සතුටු වෙමින්. එහෙත් කුඩා ලේඛකයෙකු ලෙස, එම සතුට ඇතුළතම තවත් තවත් ප්‍රශ්න මා තුළ නැගෙයි. මේ සටහන එබැවිනි. මා සතුටු වන්නේ අපේ පොතක් යුරෝපයට ගිය නිසාද? නැතහොත් අපට පුරුදු ජීවිතයක්, ඊට නුපුරුදු තවත් මිනිසෙකුගේ පරිකල්පනයට ඇතුළු වූ නිසාද? අපි කෙතරම් මෙවන් නුපුරුදු මිනිසුන් පිළිබඳ කියවා ඇත්ද? සැබැවින්ම අපට අපේම මි...

ගොජ දාන තෙලිජ්ජ මුට්ටියක් වැනි මේ දිව්‍ය සත් ප්‍රසාදයෙන් [නොමිලේ] ගෙන ඔබත් පානය කරන්න!

​ ‘ සිරි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී බිකිනිලන්තය (Democratic Socialist Republic of Bikini Paradise) ’ ලෙස නම් කරන ලද රටක, විෂ්ණු වාසු නම් කර්තෘ කෙනෙකු විසින් කරන්නට යෙදුන නවතම කෘතියෙහි නම ‘ ඕනෑ කර තිබේ ’. එකී කෘතියෙහිම පවසා තිබෙන නිසා ම ‘ මේ දිව්‍ය සත් ප්‍රසාදයෙන් ගෙන ඔබත් පානය කරන්නැ ’යි නොකියමි, එය ඔබ කියවිය යුතුම නිසා එලෙස උදෘත කළෙමි.  [කෘතිය නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනීමට ලිපියේ අග ඇති FreePDF හෑෂ්ටැගය ක්ලික් කරන්න! ] හුදෙක් වචන පිළිබඳ අවධානය අඩුවීම, අවිධිමත් දඩබ්බර ලේඛන වහර නිසා අතිශය අවුල් ජාලයක් වී නමුදු එක හුස්මට, නැහැ, හුස්ම කිහිපයක් එකම වාක්‍යයකට- වචනයකට වුව වැය කරමින් කියවන්නට ඔබට සිදුවනු ඇත. එය කුමක් නිසා සිදු වූවක්ද,  දේශපාලනික සංස්කෘතික මිනිසෙකු නිසා සිදුවූවක්ද නැද්දැයි නොදනිමි. නමුත් සහසුද්දෙන්ම මේ ඔබෙ හදවතේම දෙබඩිතාවයම එකට සම්මුඛ වීමක් වැන්න.  • කවුද මේ විෂ්ණු වාසු?  ‘මිනිහා ටී වී බලන්නෑ, රේඩියෝ අහන්නෑ, පත්තර කියවන්නෑ. ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් වල නැහැ. හිතුණු වෙලාවක විතරක් ෆේස් බුක් එකට ඇවිත් මොනවා හරි අබ්‍රකදබ්‍රයක් ලියලා අපේ මොළ අවුල් කරලා අතුරුදන් වෙ...

හුස්මක මහත•

මුහුණ හැඩ රුව නො දැන සහස් තරු උපද්දන එළිය පොළොව ට හළා ගගන අඳුරේ ගිලෙන… ඇය, ආචාර්ය ශවිනි ප්‍රනාන්දු; පාසල් කාලයේ පිහිනුම් ක්‍රීඩිකාවක් සහ කෙටි දුර ධාවන ක්‍රීඩිකාවක්, එහෙත් පසුකලෙක… මහනුවර උපත ලබන ශවිනිට පසුකලෙක ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතාව වෛද්‍යවරුන් හඳුනා ගන්නේ ඇදුම රෝගී තත්ත්වයක් ලෙස. එහෙත් ඇගේ හුස්ම ගැනීමේ අපහසුතාවට සැබෑ හේතුව කුමක්ද? අයිසන්මෙන්ගර් සින්ඩ්‍රෝමය | Eisenmenger Syndrome  එය සැඟවුණු හෘද රෝගයක්- පපුවේ හිලක්! ඒ වර්ෂ 2015 දී- මේ බරපතල හෘද-පෙනහළු තත්වය නිසා ඇය තවත් ජීවත් වන්නේ වසර කිහිපයක් පමණක් බව වෛද්‍ය මතය වුණා. එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස්හි- Johns Hopkins- වෛද්‍යවරු ශවිනිට පැවසුවේ ඇයට ජීවත් වීමට ඇත්තේ වසර දෙකක් පමණක් බවයි. ශවිනි සිය වෛද්‍යවරයාට පවසන්නේ හුස්ම මනින, අඩු වුණොත් කණට කොඳුරා කියන උපකරණයක් නිපදවන බවයි, එය විහිළුවක් ලෙස සලකමින් වෛද්‍යවරයාද හා හොඳයි මාත් උදව් වෙන්නම් යැයි උත්තර දෙයි. වොෂින්ටන් ඩී.සී. හි ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී- Georgetown University in Washington, D.C- ඇය ස්වකීය නාසයේ ඔක්සිජන් නලයක් සමඟ ජීවත්වන අයුරු අනෙකුත් මිතු...

The Woman Who Stopped the Flood | වර්ෂාවට සවන් දුන් දැරියකගේ කථාව•

දකුණු ශ්‍රී ලංකාවේ ගම්මානයක එකෝමත් එක දැරියක් ජීවත් වන්නී කුතුහලයෙන්; දීප්තිමත් නෙතු සඟලින්, විසල් හදවතින්, ඈතට ඈතට සවන් යොමමින්. සියල්ලටම වඩා, වැස්සට ආදරය කරමින්; අකුණු නදට නොසැලී, වැසි වසින දිනවල ඇය ජනේලය අසල වාඩිවෙයි, වහල මත නටන, තුරු පත් ලෙළවන වර්ෂා ගීතය අසමින් ඇස් පියා ගනියි. “මල්පෙති මත වැහි බිඳ බිඳ වැටෙනු වගෙයි හරි හෙමිහිට හිනැහෙනකොට මගෙ නංගී ආසයි මට බලා ඉන්ට...” එක දවසක්, මහ වැසි ඇද හැලෙන මොහොතක ඇය සිටියේ ඉස්කෝලය අසල වීථියක, මඩ පැහැ දියෙන් ඇගේ සුදු සපත්තු ගිලී තිබුණා. දෛනික වැඩෙහි නිරත මිනිස්සුන් වීථියේ මඩ කඩිති මතින් උඩින් උඩින් පා තිය තියා එහෙ මෙහෙ දිව්වා. වීථිය පසු කරන සියක් රිය සක හැපී ඉවත වීසිවන කළල් දියෙන් ඇගේ සුදු ගවොම කළු දුඹුරු පැහැ ගැණුනා. ‘කාණු ආයි හිර වෙලා…’ එ මිනිස් කට හඬින් මහ වැහි මැද තෙරෙපෙන දැරියගේ දෙසවන් හිර වුණා. “කුණු කඳු දිගේ රූරා ඇද හැළී නරා දුර්ගඳ කාණු ගබ සිහින ද කඳුලු ද කළු පාට වී ගලන්නෙ ය හඬන වැලැපෙන සුසුම්ලන මිනිසුන්ගෙන් මිදී එකත්පස් වැ බලමි හාත්පස…” ඒ රාත්‍රියේද, කුඩා දැරිය ජනේලය අස වාඩිවෙයි, ඇස පියා නොගන්නී, ඈත වැහි බීරම දෙස සෝමනස්සව බලා සිටියාය. ‘කා...

භාෂාවෙන් ඔබ්බට…

සිංහල රටේ සිංහල ජීව දත්ත සටහනක්, සිංහල ව්‍යාපාරයක මානව සම්පත් කළමනාකරුවන් පිළිගනීවිද? කසුන් කල්හාර වර්ෂ 2000දී පැවැත්වූ පළමු සංගීත ප්‍රසංගයේ තේමාව වූයේ waves of introspection, කොළඹ ආනන්දයේ අප කළ 99 කලා උලළේ තේමාව වදනින් එහා… වැඩි වැඩියෙන් ගෝලීයකරණය වූ ලෝකයක, බහු ගෝලීය භාෂා - ඉංග්‍රීසි, ජර්මානු, ප්‍රංශ, ජපන්, චීන, ස්පාඤ්ඤ, අරාබි - ප්‍රගුණ කිරීමේ සාම්ප්‍රදායික ආශාව වනාහී බොහෝ විට අපගේ ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍ය පූර්ව සාධක ලෙස ලාංකේය අපට මූලිකව හැඟේ. අවම වශයෙන්, දෙමළ, හින්දි හෝ උර්දු වැනි කලාපීය භාෂා එන්නේ ඊටත් පසුවය. නමුත් ඵලදායී, අගනා හෝ බලපෑම් සහිත වීමට නම් අපි මේ සියලු භාෂාවන්හි ප්‍රවීණත්වය සැබවින්ම ලැබිය යුතුද? අද, වෘත්තීය මානව පරිවර්තකයින්ට අමතරව, පරිවර්තන පද්ධති, අතථ්‍ය මෙවලම්, AIමය බහුභාෂා වේදිකා (Platforms) ඔස්සේ ජාත්‍යන්තර සන්නිවේදනය, වෙන කවරදාටත් වඩා නිවැරදිව හා කාර්යක්ෂමව හැසිරවෙන පසුබිමක අපි ඒ ගැන වඩාත් අවධානය යොමු කළ යුතුය. පුද්ගලික නීතිමය ලියවිල්ලක සිට සාහිත්‍ය කෘති දක්වා වූ ගෝලීය වශයෙන් විසිරුණ ඕනෑම අවශ්‍යතාවක් උදෙසා තාක්‍ෂණය දැනටමත් මැදිහත්කරුවකු වී අවසන්. එබැවින්, භාෂා උගෙ...

‘යකෝ මේ, ඩොකියුමෙන්ට්‍රියක් නෙමෙයි නිව්ස්!’ නොහොත් ඒ.එම්. සුමනවීර•

ලෝකයා වඩාත් කැමැති, ක්‍රීඩා ප්‍රවෘත්ති ඔස්සේ පාපන්දු ක්‍රීඩකයින්ගේ කොණ්ඩා විලාසිතා ගැන කථා කරන්නද, ටෙනිස් ක්‍රිඩිකාවන්ගේ කෙටි සාය ගැන විමසන්නද? ක්‍රීඩා වාර්ථාකරුවකු ලෙස එකල, “මුහුදුමට්ටමේ සිට මීටර් 2,500 ට ඉහළින් ජාත්‍යන්තර තරග පැවැත්වීමේ FIFA තහනම බොලිවියාවට බලපෑ හැටි, එවො මොරාලෙස් ඒ හා ගැටුණ හැටි, බෙයිජින් 2008 ඔලිම්පික් උලෙළේ මානව හිමිකම් විවාද, චීනයේ මානව හිමිකම් වාර්තා, ටිබෙටයට එරෙහි ගෝලීය විරෝධතා, මේරියන් ජෝන්ස් ෆෙඩරල් නිලධාරීන්ට බොරු කීම, WADA හි තහනම් උත්තේජක විරෝධී නීති, ක්‍රිකට් ක්‍රිඩාවේ දූෂණ සහ දේශපාලන මැදිහත්වීම්, තරග පාවාදීමේ චෝදනා, පශ්චාත් තලෙබාන් ප්‍රහාර සමය සහ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් නැග්ම” ගෝලීය දේශපාලන, සංස්කෘතික, නෛතික, සාමාජයීය, විද්‍යාත්මක හෝ කාලගුණ දේශගුණ ආදී නොයෙක් ප්‍රවණතා ලියාගෙන යද්දී ප්‍රඩියුසර් අහන්නේ ‘මේ මොනවද බං, උඹ ක්‍රිඩා ගැන ලියන්නැද්ද?’ මක්නිසාද රූපවාහිනී ප්‍රේක්ෂකයන් බහුතරයකට අවශ්‍ය එදිනෙදා තරගයක ලකුණු හෝ ස්ථාන හෝ සම්මාන හෝ වෛවර්ණ සමාරම්භක උත්සව, ක්‍රිඩා තරු දකින්න ගොසිප් බලන්න පමණක් බව ඔවුන් අත්දැකීමෙන් ම දැනැ සිටි බැවිනි. බිලියට්, එල්ලේ, කැරම් ආදී අප්...

ඒ තිත

පෘථිවිය නම් නිල් පැහැ ගෝලයට ප්‍රේම කරන ජනතාවට ලස්සන දවසක් උදාවුණේ ඉකුත් දාහතර වෙනිදා; ඒ වැලන්ටයින් දා නිසාම නොවෙයි, වර්ෂ තිස්පහකට පෙර මතකයක සැමරුමක් නිසයි. 2025 පෙබරවාරි 15 ​​දා- මේ දැන්- මේ ලිපිය ලියන්න සිතූ ක්ෂණයවන විට, නාසාහි වොයේජර් 1 යානය පෘථිවියේ සිට කිලෝමීටර බිලියන 24.9 ක් (සැතපුම් බිලියන 15.5 ක් පමණ) දුරින් පිහිටා ඇති අතර, එය මිනිසා විසින් සාදන ලද වඩාත්ම දුරස්ථ වස්තුව ලෙස ඉතිහාසයට එක්ව අවසන්. මේ, ඊලඟ මොහොතේදී, එය ඊටත් වැඩි දුරකට පියාඹා ගොස් ඇත. එය සූර්යයාට සාපේක්ෂව තත්පරයට කිලෝමීටර 17 ක් (පැයට සැතපුම් 38,000 ක් පමණ) වේගයෙන් ගමන් කරයි. අදට මෙහෙයුමේ කාලය: අවුරුදු 47, මාස 5, දින 10කි. එය අපගේ සූර්යයාගේ බලපෑමෙන් ඔබ්බට අන්තර් තාරකා අවකාශයේ ගමන් කරමින් සිටී. 1977 සැප්තැම්බර් 5 දා දියත් වූ නාසා හි වොයේජර් 1 අභ්‍යවකාශ යානය වර්ෂ 1990 පෙබරවාරි 14 වන දා අපූර්ව පිංතූරයක් ගනු ලබනව. මේ ලිපියට නිමිත්ත වන්නේ එහි 35 වසරක සැමරුමයි. එය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම පෙර නොවූ විරූ අපූර්ව සේයාරුවක්. ප්‍රේමවස්තුවක්! පෘථිවියේ සිට සැතපුම් බිලියන 4 (කිලෝමීටර් බිලියන 6.4) පමණ දුර සිට ගනු ලබන මේ සේයාරුව කෙරෙහි...

•මේ මොහොතේ ගෙම්බො ළිඳේ නෙමේ ටින් එකේ

- ලංකා | ROSE : by Kasun Samarathunge #. මං කැමතියි අර පාසැල් යන කාලෙ පෙම්වතියන්ට ලිව්වාය කියන කවියැයි සැක කළ හැකි රචනා ළඟින් අපේ සංවාදය ආරම්භ කරන්න. ඒකද විදුර ඩයස්ගෙ ලිවීමේ ආරම්භය? සපුගස්කන්ද කණිෂ්ටේ - දැන් ඒක සෝභිත විද්‍යාලය - තුනේ හෝ හතර පංතියෙදි ලියපු කවි රචනාවක් මට යාන්තන් මතකයි, ඒකෙ තිබුණා 'අපි වෙමු මල් වැනි පුංචි ළමයි' කියල කොටසක්. මේක දැකපු මගෙ අම්ම කිව්ව 'වෙමු අපි පුංචි ළමයි මල් වැනි පුංචි ළමයි' කියල පද එහෙ මෙහෙ කරන්න කියල. මා ලියූ කවියක පැරැණිතම මතකය ඒක. මට හිටිය ලාල් නමින් මාමා කෙනෙකුයි බාප්ප කෙනෙකුයි. බාලාංසෙ, එක දෙක වසරවල මම මොල්ලිගොඩ පල්ලිය ඉස්කෝලේ ඉගෙන ගන්න කාලේ පාසල් ඇරුණු වහා දිව යන්නේ, නිවාඩු දවසට ගිහින් ඉන්නේ, ලාල් මාමලෑ ගෙදර. ඔහු හොඳ රසිකයෙක්. කැසට් පීස්වල සිංදු රෙකෝඩ් කරගෙන ඇවිත් ඔහු නිතර අසනව. ඔහු අසන ගී අතර පෙමාතුර හැඟුම්, සීත රෑ යාමේ ආදී ගීත මට කටපාඩම්, අර්ථය දන්නෑ. ඒත් පංතියේ සිංදුවක් කියන්න කිව්වම කාලයක් මම ගැයූ 'ළමා' ගී ඒවා. තුන වසරෙදි සපුගස්කන්ද කණිෂ්ට විද්‍යාලයට මාරුවෙන්නෙ මාකොළ පදිංචියට ආවම. එතකොට අපි නවතින්නෙ ලාල් බාප්පාට අයිති ගෙද...

Aging in Sri Lanka: Facing COVID Risks on the Front Lines ත්‍රීවිලර් සහ සෙකියුරිටි පුටුවට කොටු වූ සිස්ටම්•

මූණත්තහඩුවට වෙන්න ගිය දේ අද උදාසන, ඇඳිරි නීති සිදුරින් පැන, දෛනික අඩුම කුඩුම ගෙනෙනුව අංගාණියට යාමට අවසර ලැබිණ. පුද්ගලික වෙළෙඳසලක  විදුරුදොර හැරෙද්දිම සෙකියුරිටිතුමා උණබලනය මගෙ අල්ලට හළා, නළලතට සැනිටයිසර් විදින්නයි ලැහැස්තිය. මා මූණතහඩුව බේරගත්තේ අනූනවයෙන්.  මං හිතන්නෙ ඔහු අතිශය වෙහෙසට පත්ව උන්නෙ, අවිච්චින්නව හිටගෙන වැඩ කිරීමටයි ඔහුට නියමව ඇත්තේ. වයසටත් වැඩි වියපත් බවක් ඔහු මුහුණේ තැවැරී තිබුණා. ඒසී ශාලාවක් තුළ දහඩිය වැගිරෙන කයක් ඔසවගෙනහුන් ඔහු මුහුණ රතුව හැකිලෙනු දිටිමි. කෝවිඩ් 19 කොරෝනාවේ වැඩි විපත් පවතින්නේ වියපත් අයට. එහෙත් අවදානම නොතකා ඔහුට රාජකාරියෙහි නියුක්ත වන්නට සිද්ධ වෙනව. ඇතැම් විට එය තරුණ අවධියේ ඔහුගේම පුද්ගලික වරදක ප්‍රතිඵලයක් විය හැකී. එහෙත් බොහෝවිට මේ සමස්ථ ලංකාවේ වරදක් නොවේද? ත්‍රිවිලර් අනාගතය මෙරට වැඩිහිටියන්ට සතුටින් විශ්‍රාම යා හැකි සිස්ටම් එකක් හදන්නේ කවුද කවදාදැයි කෙසේ වුව අප දකින්නේ බොහෝ විශ්‍රාමිකයින්ගේ අවසානය සෙකියුරිටි! ඇතැම්විට ඉන් ඔවුන් මුදවා ගත නොහැකි තරමට එය ඔවුනට පහසුයැයි හැඟෙන ඉපැයුම් ක්‍රමයක්. එය සමාන වන්නේ 'මෙරට ⁣බොහොමයක් තරුණයින් සියල් ශක්‍යතා...

සාක්ෂ්‍ය

පාසලේ - පංතියේ  මිතුරෙකුගෙන් දුරකථන ඇමැතුමක්; "මචං කාලෙකින්, ! කොහොමද උඹට - උදව්වක් ඉල්ලා ගන්න කථා කළේ, ඒකාලෙ උඹ ඩිබේටිං ටීම් එකේ  මතකද දුන්නු ගේම් , උඹ තමයි පට්ට කථිකය, නිවේදකය, ඒ විතරකයැ මහ ලේඛකයනේ අපේ, ... , උඹ තරගෙකට එත්දි ගම්වල 'චූ' ඉස්කෝලවල විතරක් නෙමෙයි කලම්බු උනුත් නැගිටල යනව මට මතකයි, මතකද අපේ උං කෙල්ලන්ටත් ලියුං ලියෝ ගත්ත උඹට කියල, ඇයි බං ඒකාලේ මගෙ නමින් පත්තරවල පලවුනේම උඹ ලියපුවනෙ, අනේ මචං ටිකක් හදිසියි, දන්නවනෙ ලයිෆ් සෝ බිසී, උඹ ඒකාලෙ ගත්ත සෙටිෆිකේට් ස්වනියර්ස්  තියෙනවද, අනේ ප්ලීස් ඒව පොඩ්ඩකට දීපං,  ඉස්කෝල‍ෙම මගේ යාලුවෙක්ට, උගෙ ළමයව ඉස්කෝලෙට දාන්න, ඌට ඩොකියුමන්ට්ස් ටිකක්  හදා ගන්න සාම්පල්ස් හොයනව! පහුවෙනිදම රිටර්න් කරනව ෂුවර්.." ඔහු කුමක් නම් පිලිතුරු කියන්නද ; උපන්දා සිට ගෙන් ගෙට මාරු වූ මහ කුලී කරුවකු වූ ඔහුට ජීවිතය පමණක් ඉතිරි වී තිබෙන වග , අනේක විධ කුණාටු අස්සේ ජීවිතයවත් බේරා ගැනීමට පමණක්  සමත් වී ඇති බව , සොරකම් කළ සහතිකවලින් දරුවන් පාසලකට ඇතුලත් කිරීම නොහොබිනා බව, ඊට උදව්වන්නාද වංචාකාරකැයි දැනෙන බව, කියන්නට සිත් වුවද කරබා ගත්තේය, " ම...

නූතන ආඬින්ගේ කැඳ හැලිය කෙසේද යත්

බොහෝ අර්බුධ  ගැටලු ප්‍රශ්න  හමුවේ ලොව විශාල වශයෙන් දුකට පත්වන්නේ දරුවන්, මක්නිසාද හේතුවක් තේරුම් ගන්න බැරි වයසේදීම ඔවුනට අත්විඳින්නට සිදුවන ඇතැම් අත්දැකීම්  අතිශය ...

ඩබල් වත

'ජෝඩු' නම් දෙකකි, එහෙත් විටක දෙදෙනෙකි, දෙවගකි, පාර්ශව හෝ ජාති කිහිපයකින් දෙකක් උක්තකර ගැන්මකි, 'අලුත බැඳපු ජෝඩුව' මේ අතරින් වඩාත් ප්‍රචලිත ජෝඩුවයි, විවාපත් වූ දා පටන් දින මාස කිහිපයක් යනතුරු එලෙස නව යුවලක් හැඳින්ව‍ේ. සමහරු වයසට ගියත් අලුත බැඳපු ජෝඩුවක් වගේ යි කියති, එනම් සතුටින් කෙළිලොල්ව ජීවත්වන බවට පලකරන යෙදුමක්ය ඒ. , ජාඩියට මූඩිය වගේ හිටියට ඔය ජෝඩුව කොච්චරවත් වලි යනුවෙන් හැඟවෙන්නේ ටිකක් පරණ වනවිට ජෝඩුවේ කල්කිරීයා අවධානයෙන් ඉන්න ගමේ ගෑනුය, 'ජෝඩු දාලා' යන්න අන් හැඟවුමක් කරයි; නීතිය‍ෙ  එක් නොවුන, එක අස දැවැටෙමින් යන දෙදෙනෙක් අරඹයා එසේ අවඥා සහගතව කීවද 'ඔතන කට්ටිය ජෝඩුව බැගින් එන්නැ'යි කරන විධානයකදී අවඥාවක් රහිත දෙදෙනා බැගින් යන්න ඉස්මතු කෙරේ, යතුරු පැදියක නැගැ යන ගැහැණු පිරිමි යුවලක් ජෝඩු දා යනව කියන්‍ෙනේ නොක්කාඩුවට ද සරදමටද? ' ජෝඩු කරනවා ' යන්න වාච්‍යාර්ථයද ඉක්මවා යන්නකි, දෙපලක දෙදෛනක් එක් කිරීමට තතනන වෑයම එයින් හැඟවේ, ජෝඩු වෙලා යනු වෑයමකින් තොරව එකවීමක්ද 'ජෝඩු කරන්නැ'යි කපුවකුට කීමේදී ආයාචනාත්මකව  ජෝඩු කිරීමකට යෝජනා කිරීමක් ද හඟවයි. ...

පො ලේ

මහ  පොලවෙ  පුංචි ඉඩක  ලූ ඉටි රෙද්දක් මත සුවඳැල් කෙසෙල් ඇවරි කිහිපයක්, කොළ මිටි දෙක තුනක්, හබරල හිඟුරල ඉන්නල වෙරලු ලොවි  අච්චාරු සීරුවට අඩුක් කොට ඇත, "අම්මේ මේ කෙසෙල් කීයද?" " අනේ මහත්තයෝ බර හරිද බලන්න" "මහත්තයම ගාන හදල කියන්න," "  මදි නම් මේ කෙසෙල් ගෙඩි දෙකත් දාගන්න සල්ලි එපා මේකට . . . " අව්‍යාජ වියළි හිනාවක් යාන්තමින් හෙළන ඈ ඔත්පල සුදු කොණ්ඩය, කලු ගැහුණු අතඟිල්ලෙන් සෙමෙන් සකසයි... ඈ කෑගසන්නේ නැත.. අපේ හිත් ඇතුලෙන් කෑ ගැස්සේ . . . එක අම්ම කෙනෙක් ඉන්නවා පහන්තිර පැකට්ටු වැල් අතින් ගෙන ඇවිදින, " පුතේ " කියන ගමන් ඈ ඒ වැලක් මවෙත දිගුකරන, "අනේ අම්මේ ගිය ඉරිද ගත්තු තිර ඉවර නැහැ තාම," මම එහෙම කියද්දිත් මඳ හිනාවෙන් අසා සිටින, ඒ බැල්මට නතුව තව පහන්තිර වැලක් මිලට ගත්තත් ඒ හිනාව එහෙම්මම පාන, "මෙච්චර පහන්තිර කන්නද" අසන බිරින්දෑ කෙනෙක් ගෙදර ඇතිබව නොදන්න . . . එක අම්ම කෙනෙක් ඉන්නව පහන්තිර පැකට්ටු වැල් අතින් ගෙන ඇවිදින ...! ඉරිදා පොලේ මෙවැනි මවුවරු - පියවරු රැසකි  ! ඔවුහු අපේ ගමේ කොහේ හෝ කොනක ජීවත් වන දරුවෙකුට රස මසව...