Aging in Sri Lanka: Facing COVID Risks on the Front Lines ත්රීවිලර් සහ සෙකියුරිටි පුටුවට කොටු වූ සිස්ටම්•
මූණත්තහඩුවට වෙන්න ගිය දේ
අද උදාසන, ඇඳිරි නීති සිදුරින් පැන, දෛනික අඩුම කුඩුම ගෙනෙනුව අංගාණියට යාමට අවසර ලැබිණ. පුද්ගලික වෙළෙඳසලක විදුරුදොර හැරෙද්දිම සෙකියුරිටිතුමා උණබලනය මගෙ අල්ලට හළා, නළලතට සැනිටයිසර් විදින්නයි ලැහැස්තිය. මා මූණතහඩුව බේරගත්තේ අනූනවයෙන්.
මං හිතන්නෙ ඔහු අතිශය වෙහෙසට පත්ව උන්නෙ, අවිච්චින්නව හිටගෙන වැඩ කිරීමටයි ඔහුට නියමව ඇත්තේ. වයසටත් වැඩි වියපත් බවක් ඔහු මුහුණේ තැවැරී තිබුණා. ඒසී ශාලාවක් තුළ දහඩිය වැගිරෙන කයක් ඔසවගෙනහුන් ඔහු මුහුණ රතුව හැකිලෙනු දිටිමි.
කෝවිඩ් 19
කොරෝනාවේ වැඩි විපත් පවතින්නේ වියපත් අයට. එහෙත් අවදානම නොතකා ඔහුට රාජකාරියෙහි නියුක්ත වන්නට සිද්ධ වෙනව. ඇතැම් විට එය තරුණ අවධියේ ඔහුගේම පුද්ගලික වරදක ප්‍රතිඵලයක් විය හැකී. එහෙත් බොහෝවිට මේ සමස්ථ ලංකාවේ වරදක් නොවේද?
ත්‍රිවිලර් අනාගතය
මෙරට වැඩිහිටියන්ට සතුටින් විශ්‍රාම යා හැකි සිස්ටම් එකක් හදන්නේ කවුද කවදාදැයි කෙසේ වුව අප දකින්නේ බොහෝ විශ්‍රාමිකයින්ගේ අවසානය සෙකියුරිටි! ඇතැම්විට ඉන් ඔවුන් මුදවා ගත නොහැකි තරමට එය ඔවුනට පහසුයැයි හැඟෙන ඉපැයුම් ක්‍රමයක්. එය සමාන වන්නේ 'මෙරට බොහොමයක් තරුණයින් සියල් ශක්‍යතා පසෙකලා ත්රීවිලර්යක සුක්කානම අතට ගැනීමේ' ක්රමයටය.
-විදුර ඩයස්

