Skip to main content

හුස්මක මහත•

මුහුණ හැඩ රුව නො දැන

සහස් තරු උපද්දන

එළිය පොළොව ට හළා

ගගන අඳුරේ ගිලෙන…

ඇය, ආචාර්ය ශවිනි ප්‍රනාන්දු;


පාසල් කාලයේ පිහිනුම් ක්‍රීඩිකාවක් සහ කෙටි දුර ධාවන ක්‍රීඩිකාවක්,

එහෙත් පසුකලෙක…

මහනුවර උපත ලබන ශවිනිට පසුකලෙක ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතාව වෛද්‍යවරුන් හඳුනා ගන්නේ ඇදුම රෝගී තත්ත්වයක් ලෙස. එහෙත් ඇගේ හුස්ම ගැනීමේ අපහසුතාවට සැබෑ හේතුව කුමක්ද?

අයිසන්මෙන්ගර් සින්ඩ්‍රෝමය | Eisenmenger Syndrome 

එය සැඟවුණු හෘද රෝගයක්- පපුවේ හිලක්!

ඒ වර්ෂ 2015 දී- මේ බරපතල හෘද-පෙනහළු තත්වය නිසා ඇය තවත් ජීවත් වන්නේ වසර කිහිපයක් පමණක් බව වෛද්‍ය මතය වුණා.

එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස්හි- Johns Hopkins- වෛද්‍යවරු ශවිනිට පැවසුවේ ඇයට ජීවත් වීමට ඇත්තේ වසර දෙකක් පමණක් බවයි.

ශවිනි සිය වෛද්‍යවරයාට පවසන්නේ හුස්ම මනින, අඩු වුණොත් කණට කොඳුරා කියන උපකරණයක් නිපදවන බවයි, එය විහිළුවක් ලෙස සලකමින් වෛද්‍යවරයාද හා හොඳයි මාත් උදව් වෙන්නම් යැයි උත්තර දෙයි.

වොෂින්ටන් ඩී.සී. හි ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී- Georgetown University in Washington, D.C- ඇය ස්වකීය නාසයේ ඔක්සිජන් නලයක් සමඟ ජීවත්වන අයුරු අනෙකුත් මිතුරන්ට ගුරුවන්ට අරුමය දනවන දසුනක් වුණේ නෑ. ඇය අත නොහැර අධ්‍යයනයේත් ගවේශනයේත් නිරතවුණා.

වසර දෙකකට සහතික කර තිබූ ජීවිතය එක් අතකින්ද ඔක්ෂිජන් බට අනෙක් අතින්ද ගෙන හදවතේ මනසේ දරාගෙන සිටියේ බරැති සිහිනයක්!, ඇය මරණීය මොහොත කැප කරමින් සිටියේ විශ්වයේ තවත් විප්ලවයක් වෙනුවෙන්.

ඔක්සිජන් මට්ටම අඛණ්ඩව නිරීක්ෂණය කළ හැකි සහ යම්ප්‍රමාදයකදී අනතුරු ඇඟවීමක් කළ හැකි උපකරණයක් තැනීම ඇගේ සිහිනයයි. උන්නත් දහයි මැරුණත් දහයි නොව, තමන්ද අනෙකාද සුවපත් වන- සුවකරවන උපකරණයක් වෙනුවෙන් ඇය ඇගේ නින්ද සහ මරණය කැප කරමින් සිටියාය.

“…මට මේ දක්වා හෘදයාබාධ 4ක් ඇති වී තිබෙනවා, මම මාවම නැවත පණ ගන්වන්නේ කෙසේදැයි දන්නවා, මම ඉක්මනින් කැනියුලාව පැළැඳ ලීටර් පහක් දක්වා එය කරකවනවා, දැන් මම කලබල වෙන්නේ නැහැ…!” ඇය පවසන්නීය.

ශවිනිගේ නව නිපැයුම හෘදයේ ඔක්සිජන් උච්චාවචනය දෙස නිරන්තරයෙන් ඇහැර බලා සිටින්නක්. ඒ රහස් දේව දූතමය උපකරණය ඇය පසුකලෙක නම් කළේ ඔක්සිවෙයාර් ලෙස- OxiWear.

එය තමන් පමණක්ව නොව විශ්වයේ මිලියන ගණනකගේ ජීවිත බේරා ගත හැකි උපකරණයක්.

තම දිවිය තණග පිණිබිඳක්ව වියැකී යා හැකිව තිබියදී, තවත් ජීවිත රැසකට සුරක්ෂිත බවේ දිව්‍යමය පණිවුඩය ගෙනැ යන්නට මහනුවර උපන් ශවිනි ප්‍රනාන්දු දැන් සමත්ව සිටිනවා. ඇය සිටින්නේ උමතුවෙන්.

“…මම නිතරම කියන්නේ මට පිස්සු කියලා, පිස්සු පිස්සුවක් මුණගැහෙනකොට හොඳ දේවල් වෙනවා! ඒ නිසා මිනිස්සු මට පිස්සු කියලා කියනකොට මම දන්නවා මම නිවැරදි මාර්ගයේ යනවා කියලා…” පවසන්නී, ශවිනි ප්‍රනාන්දු, මරණාසන්න මොහොතින් මොහොත ගෙවමින් ජීවිත රකින තාක්ෂණික නිර්මාතෘවරියක බවට පත්ව සිටින්නීය.

මම කොපමණ කාලයක් ජීවත් වෙනවාද යන්න තීරණය කිරීමට මම වෙනත් කිසිවෙකුට ඉඩ නොදෙමි.

ඔක්සිජන් ටැංකි සමඟ හුස්ම ගනිමින්, හෘදයාබාධ අත්විඳීමින් ආඝාතයන්යන්ට මුහුණ දෙමින් උගෙන ගත්, ගවේශනය කළ, ජීවිත රකින උපකරණ තැනූ මේ උමතු ශ්‍රී ලාංකික ජීවියා දකින බොහෝ දෙනෙකුට එදවස සිනා පහළ වන්නට ඇති. පසුකලෙක ඇය පෙරළා ඔවුන්ට සිනාසෙන්නී;

“මට ජීවත් වීමට අවශ්‍ය නැහැ, මට අවශ්‍ය අනිත් අයටත් ජීවත් වීමට උපකාර වන දෙයක් ගොඩනඟා ගැනීමට”යි අභිමානයෙන් පැවැසුවා පමණක් නොව ඒ සිහිනය යථාර්ථයක් බවට පරිවර්ථනය කළාය. ඒ තුළ ඇත්තේ ආඩම්බරයද එඩිතරකමද මනුෂ්‍යත්වයද ධෛර්යද නැත්නම් අනෙක් කුමක්දැයි අපෙන් නිහඬව ප්‍රශ්න කරමින් සිටින්නීය.

2025 මැද භාගයේදී, ඇගේ නව නිපැයුම උදෙසා FDA අනුමතිය ලැබෙනවා. එනම් එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය වෛද්‍ය භාවිතය සඳහා උපාංගය අනුමතිය ලද බවය. එය ලැබෙන්නේ පුළුල් සායනික අත්හදා බැලීම්, විශ්වසනීයත්ව අධ්‍යයන සහ කාර්ය සාධන වලංගු කිරීම් වලින් පසුවය. රෝහල්වලට සහ සායනවලට දැන් OxiWear නිර්දේශ කර භාවිතා කළ හැකිය.

ඒ අනුව ආචර්ය ශවිනි ප්‍රනාන්දුගේ නව නිපැයුම පැළඳිය හැකි තාක්‍ෂණයක් පමණක් නොවේ, එය පිළිගත් වෛද්‍ය විසඳුමකි. ගෝලීය වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේස්ත්‍රයේ බොහෝ දෙනෙකුගේ අවධානය තමන්ගේ කෙටි හුස්ම වෙත යොමු කර ගැනීමට ශවිනි සමත්වුණ බව ඉතිහාසයේ දැනටමත් ලියැවී අවසන්ය..

MedTech World Dubai හිදී ‘වසරේ පැළඳිය හැකි සෞඛ්‍ය තාක්ෂණය’- Wearable Technology of the Year 2025- ලෙස ගෝලීය සම්මානයට - ඔක්සිවෙයාර් පාත්‍ර වූ පසු ආචර්ය ශවිනි ප්‍රනාන්දු සිය සමාජ මාධ්‍යයෙහි එය උදෘත කළේ මෙලෙසිනි;

“Thrilled and honored to win the Wearable Technology of the Year 2025 at MedTech World Dubai!

A huge thank you to MedTech World Dubai … This award is not just for OxiWear but for all the innovators pushing the boundaries of wearable health technology to make a real difference in patient lives. … Innovation in healthcare is a collective effort, and I’m grateful to be part of a community that is shaping the future of medtech. Excited for what’s ahead!”

ගෝලීය වේදිකාවේදීද ඇය හුස්ම ගන්නේ ජයග්‍රාහීවය.

-විදුර ඩයස් අභයගුණවර්ධන

#ShaviniFernando #OxiWear #SriLankanPride #WonderWoman #TechForGood #FromKandyToTheWorld #BreathOfHope #RealLifeHero

Popular posts from this blog

ගොජ දාන තෙලිජ්ජ මුට්ටියක් වැනි මේ දිව්‍ය සත් ප්‍රසාදයෙන් [නොමිලේ] ගෙන ඔබත් පානය කරන්න!

​ ‘ සිරි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී බිකිනිලන්තය (Democratic Socialist Republic of Bikini Paradise) ’ ලෙස නම් කරන ලද රටක, විෂ්ණු වාසු නම් කර්තෘ කෙනෙකු විසින් කරන්නට යෙදුන නවතම කෘතියෙහි නම ‘ ඕනෑ කර තිබේ ’. එකී කෘතියෙහිම පවසා තිබෙන නිසා ම ‘ මේ දිව්‍ය සත් ප්‍රසාදයෙන් ගෙන ඔබත් පානය කරන්නැ ’යි නොකියමි, එය ඔබ කියවිය යුතුම නිසා එලෙස උදෘත කළෙමි.  [කෘතිය නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනීමට ලිපියේ අග ඇති FreePDF හෑෂ්ටැගය ක්ලික් කරන්න! ] හුදෙක් වචන පිළිබඳ අවධානය අඩුවීම, අවිධිමත් දඩබ්බර ලේඛන වහර නිසා අතිශය අවුල් ජාලයක් වී නමුදු එක හුස්මට, නැහැ, හුස්ම කිහිපයක් එකම වාක්‍යයකට- වචනයකට වුව වැය කරමින් කියවන්නට ඔබට සිදුවනු ඇත. එය කුමක් නිසා සිදු වූවක්ද,  දේශපාලනික සංස්කෘතික මිනිසෙකු නිසා සිදුවූවක්ද නැද්දැයි නොදනිමි. නමුත් සහසුද්දෙන්ම මේ ඔබෙ හදවතේම දෙබඩිතාවයම එකට සම්මුඛ වීමක් වැන්න.  • කවුද මේ විෂ්ණු වාසු?  ‘මිනිහා ටී වී බලන්නෑ, රේඩියෝ අහන්නෑ, පත්තර කියවන්නෑ. ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් වල නැහැ. හිතුණු වෙලාවක විතරක් ෆේස් බුක් එකට ඇවිත් මොනවා හරි අබ්‍රකදබ්‍රයක් ලියලා අපේ මොළ අවුල් කරලා අතුරුදන් වෙ...

A Chair Left Open: The Story Behind The Society at Silent Echo

For thirty years, my job was to talk.  On stage,  On TV/radio,  behind a microp hone, words were my work. But somewhere along the way, I began to notice what happens in the moments between words. The pause before someone answers. The silence after a song. The breath before a stranger decides to share something true. That silence became an idea.  Today I want to share it with you. WHERE IT BEGAN In Sri Lanka there is an ancient rock called Sigiriya. Its Mirror Wall was once polished so brightly that visitors could see themselves in it. Over many centuries, people who climbed it left poems and thoughts on that wall, words for strangers they would never meet. I have always loved that idea: a wall that listens, and a conversation that travels through time. THE SOCIETY AT SILENT ECHO On 2 January 2026, in Oulu, we held the first gathering of The Society at Silent Echo. It is simple. One question opens the evening. A guest shares life stories around it. Live music answers ...

මඩොල් දූව ස්වීඩනයට•

ස්වීඩන් ලේඛිකා ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්ගේ ‘පිප්පි ලෝන්ග්ස්ටොකින්’ මුලින් පළ වූයේ 1945දීය. පිප්පි යනු වැඩිහිටි පාලනයෙන් පිටත ජීවත් වන, අසාමාන්‍ය ශක්තියක් සහ රන් කාසි පිරුණු ගමන් මල්ලක් ඇති දැරියකි. ඇගේ පැවැත්මම වැඩිහිටියන් නියම කළ ළමා ලෝකය අවුල් කරයි.  ඊට වසර දෙකකට පසු පළ වන ‘මඩොල් දූව’ තුළ, ගෙදරින් පිටව ගොස් දූපතක තම ජීවිතය ගොඩනඟන පිරිමි දරුවන් දෙදෙනෙකු අපට හමුවෙයි. ඔවුන්ගේ ජීවිතය වෙනස් වන්නේ ශ්‍රමයත්, උත්සාහයත් ඔස්සේ.  පොතක් දේශසීමාවක් පසු කරන විට එහි චරිත අලුත් පාඨකයන් මුණගැසෙයි- ඔවුන් අතර පිළිසඳර කොයිවගේ වෙයිද? ස්ටොක්හෝම්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ස්වීඩන් පරිවර්තන ඇසුරේ පාසල් දරුවන් පිරිසකට ‘මඩොල් දූව’ හඳුන්වා දුන් පුවතක් මා කියවන්නේ ඒ අසබඩ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ලෙස සතුටු වෙමින්. එහෙත් කුඩා ලේඛකයෙකු ලෙස, එම සතුට ඇතුළතම තවත් තවත් ප්‍රශ්න මා තුළ නැගෙයි. මේ සටහන එබැවිනි. මා සතුටු වන්නේ අපේ පොතක් යුරෝපයට ගිය නිසාද? නැතහොත් අපට පුරුදු ජීවිතයක්, ඊට නුපුරුදු තවත් මිනිසෙකුගේ පරිකල්පනයට ඇතුළු වූ නිසාද? අපි කෙතරම් මෙවන් නුපුරුදු මිනිසුන් පිළිබඳ කියවා ඇත්ද? සැබැවින්ම අපට අපේම මි...