පාසලේ - පංතියේ මිතුරෙකුගෙන් දුරකථන ඇමැතුමක්; "මචං කාලෙකින්, ! කොහොමද උඹට - උදව්වක් ඉල්ලා ගන්න කථා කළේ, ඒකාලෙ උඹ ඩිබේටිං ටීම් එකේ මතකද දුන්නු ගේම් , උඹ තමයි පට්ට කථිකය, නිවේදකය, ඒ විතරකයැ මහ ලේඛකයනේ අපේ, ... , උඹ තරගෙකට එත්දි ගම්වල 'චූ' ඉස්කෝලවල විතරක් නෙමෙයි කලම්බු උනුත් නැගිටල යනව මට මතකයි, මතකද අපේ උං කෙල්ලන්ටත් ලියුං ලියෝ ගත්ත උඹට කියල, ඇයි බං ඒකාලේ මගෙ නමින් පත්තරවල පලවුනේම උඹ ලියපුවනෙ, අනේ මචං ටිකක් හදිසියි, දන්නවනෙ ලයිෆ් සෝ බිසී, උඹ ඒකාලෙ ගත්ත සෙටිෆිකේට් ස්වනියර්ස් තියෙනවද, අනේ ප්ලීස් ඒව පොඩ්ඩකට දීපං, ඉස්කෝලෙම මගේ යාලුවෙක්ට, උගෙ ළමයව ඉස්කෝලෙට දාන්න, ඌට ඩොකියුමන්ට්ස් ටිකක් හදා ගන්න සාම්පල්ස් හොයනව! පහුවෙනිදම රිටර්න් කරනව ෂුවර්.." ඔහු කුමක් නම් පිලිතුරු කියන්නද ; උපන්දා සිට ගෙන් ගෙට මාරු වූ මහ කුලී කරුවකු වූ ඔහුට ජීවිතය පමණක් ඉතිරි වී තිබෙන වග , අනේක විධ කුණාටු අස්සේ ජීවිතයවත් බේරා ගැනීමට පමණක් සමත් වී ඇති බව , සොරකම් කළ සහතිකවලින් දරුවන් පාසලකට ඇතුලත් කිරීම නොහොබිනා බව, ඊට උදව්වන්නාද වංචාකාරකැයි දැනෙන බව, කියන්නට සිත් වුවද කරබා ගත්තේය, " ම...
I’m Vidura Dias Abayagunawardana, a Sri Lankan poet, lyricist, broadcaster, and critic based in Helsinki. Vithuda is my literary home: poetry, lyrics, essays, scripts, and reflections on culture, current affairs, belief, belonging, and everyday life. Rooted in Sinhala and shaped by over 30 years of storytelling, my writing looks beyond borders and familiar certainties—to question what we accept, notice what we overlook, and explore what connects us as human beings.