Skip to main content

Posts

Showing posts with the label Vithuda

I Deliver Words: From Microphone to Mailbox

The story I told as a Human Book at Globe Art Point's 10th anniversary in Helsinki On 22 October 2026, I became a book.  Not a printed one. A Human Book, at the Human Library that Globe Art Point held for its 10th anniversary at Botta in Helsinki. Readers chose a book from the shelf, sat at my table for twenty minutes and asked me anything. My book was called  I Deliver Words: From Microphone to Mailbox . It has five chapters. This is the story I told. Chapter 1: Music studios and the newsroom I started writing songs at school. My very first song was about Sri Lankan politics. Yes, a schoolboy with big opinions. I wrote the words and the melody. Today I can't make a melody, and I can't sing, but that day it worked. My music teacher, Mr Dayaratne Korathota, knew me as a young poet. He gave us permission, and my friends and I sang my song in the school auditorium. After that, I wrote songs for many school events: Teachers' Day, prize days, every stage. In my final year, I...

Some nights, I hear a bird singing

ඔබ සුඕමි Suomi බස ඉගෙන ගන්නෙක්ද? Some nights, I hear a bird singing. I whistle back. And the bird replies. So now, my audience is one bird. Still, it's a live show. මේ, මුසාවක් නොව, ‘මානව පොතක්’ ලෙස මා අසා සිටි සියල්ලන්ට පැවැසූ මගේ ඇත්ත ෆින්ලන්ත අත්දැකීමය.  ඔබේ වාරය- ඔබත් කුරුල්ලෙක්ද? ඔබ ගයන්නේ සුඕමි බසින්ද? ඔබ මා අසන්නෙහිද, මම ඔබ අසන්නම්ද? භාෂාව යනු මානවයා කළ වටිනාම සොයාගැනීමකි. ගින්දර සහ රෝදය තරමටම එය වැදගත් ය. ෆින්ලන්ත භාෂාව ඉගෙනීමට ලාංකිකයන් මෙන්ම මෙහි පැමිණි බොහෝ දෙනා දක්වන උනන්දුව දකින විට මට දැනෙන්නේ මහත් ප්‍රමෝදයක්. ලොව ඕනෑම බසක් ඉගෙනීමට කෙනෙකු දරන කැපවීම, ඒ ඓතිහාසික මානව සොයාගැනීමට කෙරෙන ගෞරවයකි. එහෙත් නොරටක ජීවත් වන බොහෝ දෙනෙකු තුළ සිංහල ඉගෙනීමට, කතා කිරීමට, පොතපත කියවීමට ඇති උනන්දුව කෙමෙන් හීන වී යයි. වාණිජ ප්‍රයෝජනයකට එය ඍජුව සම්බන්ධ නොවීම ඊට හේතුව විය හැක. ඉදින් එය සාධාරණ හේතුවක් නොවෙද? ඇතැමෙක් භාෂා කිහිපයක ප්‍රවීණයෝ වෙති. එහෙත් කණගාටුව මව් බස ගැන ඔවුන් තුළ කිසිදු හැඟීමක් නැත. ළඟින් ම සිටින මිනිසුන් ගැනද ඔවුන්ට ඇත්තේ දුරස්ථ භාවයකි. එය ඔබ නිතර මෙහි අත්දකින ‘රැකියාවක් නැ...

මඩොල් දූව ස්වීඩනයට•

ස්වීඩන් ලේඛිකා ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්ගේ ‘පිප්පි ලෝන්ග්ස්ටොකින්’ මුලින් පළ වූයේ 1945දීය. පිප්පි යනු වැඩිහිටි පාලනයෙන් පිටත ජීවත් වන, අසාමාන්‍ය ශක්තියක් සහ රන් කාසි පිරුණු ගමන් මල්ලක් ඇති දැරියකි. ඇගේ පැවැත්මම වැඩිහිටියන් නියම කළ ළමා ලෝකය අවුල් කරයි.  ඊට වසර දෙකකට පසු පළ වන ‘මඩොල් දූව’ තුළ, ගෙදරින් පිටව ගොස් දූපතක තම ජීවිතය ගොඩනඟන පිරිමි දරුවන් දෙදෙනෙකු අපට හමුවෙයි. ඔවුන්ගේ ජීවිතය වෙනස් වන්නේ ශ්‍රමයත්, උත්සාහයත් ඔස්සේ.  පොතක් දේශසීමාවක් පසු කරන විට එහි චරිත අලුත් පාඨකයන් මුණගැසෙයි- ඔවුන් අතර පිළිසඳර කොයිවගේ වෙයිද? ස්ටොක්හෝම්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ස්වීඩන් පරිවර්තන ඇසුරේ පාසල් දරුවන් පිරිසකට ‘මඩොල් දූව’ හඳුන්වා දුන් පුවතක් මා කියවන්නේ ඒ අසබඩ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ලෙස සතුටු වෙමින්. එහෙත් කුඩා ලේඛකයෙකු ලෙස, එම සතුට ඇතුළතම තවත් තවත් ප්‍රශ්න මා තුළ නැගෙයි. මේ සටහන එබැවිනි. මා සතුටු වන්නේ අපේ පොතක් යුරෝපයට ගිය නිසාද? නැතහොත් අපට පුරුදු ජීවිතයක්, ඊට නුපුරුදු තවත් මිනිසෙකුගේ පරිකල්පනයට ඇතුළු වූ නිසාද? අපි කෙතරම් මෙවන් නුපුරුදු මිනිසුන් පිළිබඳ කියවා ඇත්ද? සැබැවින්ම අපට අපේම මි...