Skip to main content

‘යකෝ මේ, ඩොකියුමෙන්ට්‍රියක් නෙමෙයි නිව්ස්!’ නොහොත් ඒ.එම්. සුමනවීර•

ලෝකයා වඩාත් කැමැති, ක්‍රීඩා ප්‍රවෘත්ති ඔස්සේ පාපන්දු ක්‍රීඩකයින්ගේ කොණ්ඩා විලාසිතා ගැන කථා කරන්නද, ටෙනිස් ක්‍රිඩිකාවන්ගේ කෙටි සාය ගැන විමසන්නද?

ක්‍රීඩා වාර්ථාකරුවකු ලෙස එකල,

“මුහුදුමට්ටමේ සිට මීටර් 2,500 ට ඉහළින් ජාත්‍යන්තර තරග පැවැත්වීමේ FIFA තහනම බොලිවියාවට බලපෑ හැටි, එවො මොරාලෙස් ඒ හා ගැටුණ හැටි, බෙයිජින් 2008 ඔලිම්පික් උලෙළේ මානව හිමිකම් විවාද, චීනයේ මානව හිමිකම් වාර්තා, ටිබෙටයට එරෙහි ගෝලීය විරෝධතා, මේරියන් ජෝන්ස් ෆෙඩරල් නිලධාරීන්ට බොරු කීම, WADA හි තහනම් උත්තේජක විරෝධී නීති, ක්‍රිකට් ක්‍රිඩාවේ දූෂණ සහ දේශපාලන මැදිහත්වීම්, තරග පාවාදීමේ චෝදනා, පශ්චාත් තලෙබාන් ප්‍රහාර සමය සහ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් නැග්ම” ගෝලීය දේශපාලන, සංස්කෘතික, නෛතික, සාමාජයීය, විද්‍යාත්මක හෝ කාලගුණ දේශගුණ ආදී නොයෙක් ප්‍රවණතා ලියාගෙන යද්දී ප්‍රඩියුසර් අහන්නේ ‘මේ මොනවද බං, උඹ ක්‍රිඩා ගැන ලියන්නැද්ද?’

මක්නිසාද රූපවාහිනී ප්‍රේක්ෂකයන් බහුතරයකට අවශ්‍ය එදිනෙදා තරගයක ලකුණු හෝ ස්ථාන හෝ සම්මාන හෝ වෛවර්ණ සමාරම්භක උත්සව, ක්‍රිඩා තරු දකින්න ගොසිප් බලන්න පමණක් බව ඔවුන් අත්දැකීමෙන් ම දැනැ සිටි බැවිනි. බිලියට්, එල්ලේ, කැරම් ආදී අප්‍රධාන ධාරාවේ නිව්ස් ලියාගෙන යද්දීද ප්‍රඩියුසර්ස්ලා හිස අතගසමින් අහන්නේ ‘බං නැද්ද ක්‍රිකට් ෆුට්බෝල් මුකුත්?’

මේ සියල් කාලගෝට්ටි මැද, ශ්‍රී ලංකාවේ එක් මිනිසෙක් නිහඬව, අප පසුකරමින් බයිසිකලයක් පැදගෙන ගියේය, සෑම දිනකම. මග දිගට අත්පොළසන් නැත, ගමන මැද වතුර බෝතල් නැත, මාර්ගයද- මුරණ්ඩු හදවතද ඇත. මට සිහිපත් වුණේ මගේ තාත්තාය. ඔහුත් අදටත් පාපැදිය අතැර නැත.

ඒ එම් සුමනවීර ක්‍රිඩකයා පිළිබඳ ඔහුගේ පවුලේ තොරතුරු කථාබස් සමග, සුමනවීරගේ 1965න් ඇරැඹි බයිසිකල් තරග ක්‍රියාන්විතය ගැන, තරගයෙන් විශ්‍රාම ගත් නමුත් රත්නපුරේ සිට කොළඹ දක්වා පැය තුනක් තිස්සේ බයිසිකලේ පදිමින් ඔහු දෛනිකව හලන දහඩිය බිංදුවක් ගාණේ ඊට උපහාර පුදමින් දිගු රචනාවක් ලියාගෙන ප්‍රඩියුසර් හමුවීමි, “යකෝ මේක ඩොකියුමෙන්ට්‍රියක්, අපට ඕන නිව්ස්!”

එදා, ලැබෙන මිනිත්තුවක දෙකක කාලයකට හරියන්න- වහා විකිණෙන සුළු නිව්ස් ලියාගන්න බැරිවුණ ක්‍රීඩා පුවත් වාර්තාකරුවා මමය.

පදක්කම්, අනුග්‍රාහකත්වයන් හෝ කැමරා කණ්ඩායම් නොපතා නොලබා නමුදු, හැල්මේ කඳු නැගි විශේෂඥයා ඔහුය, බොහෝ දෙනා නාඳුනන ජාතික වීරයා ඔහුය, ලාංකේය බයිසිකල් පුරාවෘත්තය ඔහුය, පාපැදි තානාපතිවරයා ඔහුය, පාපැදි දිගු දුර මගියා ඔහුය.

ඒ එම් සුමනවීර;

දූපතේ සිට ජීවිතේ කඳුමුදුනට ජයග්‍රාහී පාපැදි සවාරියක්!

(ඒ එම් සුමනවීර නම් ලාංකේය පාපැදි ශූරයාගේ අභාවය නිමිත්තෙන් තැබූ සටහනක්: https://www.facebook.com/ViduraDiasLive?mibextid=wwXIfr)

Popular posts from this blog

ගොජ දාන තෙලිජ්ජ මුට්ටියක් වැනි මේ දිව්‍ය සත් ප්‍රසාදයෙන් [නොමිලේ] ගෙන ඔබත් පානය කරන්න!

​ ‘ සිරි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී බිකිනිලන්තය (Democratic Socialist Republic of Bikini Paradise) ’ ලෙස නම් කරන ලද රටක, විෂ්ණු වාසු නම් කර්තෘ කෙනෙකු විසින් කරන්නට යෙදුන නවතම කෘතියෙහි නම ‘ ඕනෑ කර තිබේ ’. එකී කෘතියෙහිම පවසා තිබෙන නිසා ම ‘ මේ දිව්‍ය සත් ප්‍රසාදයෙන් ගෙන ඔබත් පානය කරන්නැ ’යි නොකියමි, එය ඔබ කියවිය යුතුම නිසා එලෙස උදෘත කළෙමි.  [කෘතිය නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනීමට ලිපියේ අග ඇති FreePDF හෑෂ්ටැගය ක්ලික් කරන්න! ] හුදෙක් වචන පිළිබඳ අවධානය අඩුවීම, අවිධිමත් දඩබ්බර ලේඛන වහර නිසා අතිශය අවුල් ජාලයක් වී නමුදු එක හුස්මට, නැහැ, හුස්ම කිහිපයක් එකම වාක්‍යයකට- වචනයකට වුව වැය කරමින් කියවන්නට ඔබට සිදුවනු ඇත. එය කුමක් නිසා සිදු වූවක්ද,  දේශපාලනික සංස්කෘතික මිනිසෙකු නිසා සිදුවූවක්ද නැද්දැයි නොදනිමි. නමුත් සහසුද්දෙන්ම මේ ඔබෙ හදවතේම දෙබඩිතාවයම එකට සම්මුඛ වීමක් වැන්න.  • කවුද මේ විෂ්ණු වාසු?  ‘මිනිහා ටී වී බලන්නෑ, රේඩියෝ අහන්නෑ, පත්තර කියවන්නෑ. ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් වල නැහැ. හිතුණු වෙලාවක විතරක් ෆේස් බුක් එකට ඇවිත් මොනවා හරි අබ්‍රකදබ්‍රයක් ලියලා අපේ මොළ අවුල් කරලා අතුරුදන් වෙ...

A Chair Left Open: The Story Behind The Society at Silent Echo

For thirty years, my job was to talk.  On stage,  On TV/radio,  behind a microp hone, words were my work. But somewhere along the way, I began to notice what happens in the moments between words. The pause before someone answers. The silence after a song. The breath before a stranger decides to share something true. That silence became an idea.  Today I want to share it with you. WHERE IT BEGAN In Sri Lanka there is an ancient rock called Sigiriya. Its Mirror Wall was once polished so brightly that visitors could see themselves in it. Over many centuries, people who climbed it left poems and thoughts on that wall, words for strangers they would never meet. I have always loved that idea: a wall that listens, and a conversation that travels through time. THE SOCIETY AT SILENT ECHO On 2 January 2026, in Oulu, we held the first gathering of The Society at Silent Echo. It is simple. One question opens the evening. A guest shares life stories around it. Live music answers ...

මඩොල් දූව ස්වීඩනයට•

ස්වීඩන් ලේඛිකා ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්ගේ ‘පිප්පි ලෝන්ග්ස්ටොකින්’ මුලින් පළ වූයේ 1945දීය. පිප්පි යනු වැඩිහිටි පාලනයෙන් පිටත ජීවත් වන, අසාමාන්‍ය ශක්තියක් සහ රන් කාසි පිරුණු ගමන් මල්ලක් ඇති දැරියකි. ඇගේ පැවැත්මම වැඩිහිටියන් නියම කළ ළමා ලෝකය අවුල් කරයි.  ඊට වසර දෙකකට පසු පළ වන ‘මඩොල් දූව’ තුළ, ගෙදරින් පිටව ගොස් දූපතක තම ජීවිතය ගොඩනඟන පිරිමි දරුවන් දෙදෙනෙකු අපට හමුවෙයි. ඔවුන්ගේ ජීවිතය වෙනස් වන්නේ ශ්‍රමයත්, උත්සාහයත් ඔස්සේ.  පොතක් දේශසීමාවක් පසු කරන විට එහි චරිත අලුත් පාඨකයන් මුණගැසෙයි- ඔවුන් අතර පිළිසඳර කොයිවගේ වෙයිද? ස්ටොක්හෝම්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ස්වීඩන් පරිවර්තන ඇසුරේ පාසල් දරුවන් පිරිසකට ‘මඩොල් දූව’ හඳුන්වා දුන් පුවතක් මා කියවන්නේ ඒ අසබඩ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ලෙස සතුටු වෙමින්. එහෙත් කුඩා ලේඛකයෙකු ලෙස, එම සතුට ඇතුළතම තවත් තවත් ප්‍රශ්න මා තුළ නැගෙයි. මේ සටහන එබැවිනි. මා සතුටු වන්නේ අපේ පොතක් යුරෝපයට ගිය නිසාද? නැතහොත් අපට පුරුදු ජීවිතයක්, ඊට නුපුරුදු තවත් මිනිසෙකුගේ පරිකල්පනයට ඇතුළු වූ නිසාද? අපි කෙතරම් මෙවන් නුපුරුදු මිනිසුන් පිළිබඳ කියවා ඇත්ද? සැබැවින්ම අපට අපේම මි...