Skip to main content

Posts

Showing posts from February, 2025

ඒ තිත

පෘථිවිය නම් නිල් පැහැ ගෝලයට ප්‍රේම කරන ජනතාවට ලස්සන දවසක් උදාවුණේ ඉකුත් දාහතර වෙනිදා; ඒ වැලන්ටයින් දා නිසාම නොවෙයි, වර්ෂ තිස්පහකට පෙර මතකයක සැමරුමක් නිසයි. 2025 පෙබරවාරි 15 ​​දා- මේ දැන්- මේ ලිපිය ලියන්න සිතූ ක්ෂණයවන විට, නාසාහි වොයේජර් 1 යානය පෘථිවියේ සිට කිලෝමීටර බිලියන 24.9 ක් (සැතපුම් බිලියන 15.5 ක් පමණ) දුරින් පිහිටා ඇති අතර, එය මිනිසා විසින් සාදන ලද වඩාත්ම දුරස්ථ වස්තුව ලෙස ඉතිහාසයට එක්ව අවසන්. මේ, ඊලඟ මොහොතේදී, එය ඊටත් වැඩි දුරකට පියාඹා ගොස් ඇත. එය සූර්යයාට සාපේක්ෂව තත්පරයට කිලෝමීටර 17 ක් (පැයට සැතපුම් 38,000 ක් පමණ) වේගයෙන් ගමන් කරයි. අදට මෙහෙයුමේ කාලය: අවුරුදු 47, මාස 5, දින 10කි. එය අපගේ සූර්යයාගේ බලපෑමෙන් ඔබ්බට අන්තර් තාරකා අවකාශයේ ගමන් කරමින් සිටී. 1977 සැප්තැම්බර් 5 දා දියත් වූ නාසා හි වොයේජර් 1 අභ්‍යවකාශ යානය වර්ෂ 1990 පෙබරවාරි 14 වන දා අපූර්ව පිංතූරයක් ගනු ලබනව. මේ ලිපියට නිමිත්ත වන්නේ එහි 35 වසරක සැමරුමයි. එය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම පෙර නොවූ විරූ අපූර්ව සේයාරුවක්. ප්‍රේමවස්තුවක්! පෘථිවියේ සිට සැතපුම් බිලියන 4 (කිලෝමීටර් බිලියන 6.4) පමණ දුර සිට ගනු ලබන මේ සේයාරුව කෙරෙහි...