ස්වීඩන් ලේඛිකා ඇස්ට්රිඩ් ලින්ඩ්ග්රෙන්ගේ ‘පිප්පි ලෝන්ග්ස්ටොකින්’ මුලින් පළ වූයේ 1945දීය. පිප්පි යනු වැඩිහිටි පාලනයෙන් පිටත ජීවත් වන, අසාමාන්ය ශක්තියක් සහ රන් කාසි පිරුණු ගමන් මල්ලක් ඇති දැරියකි. ඇගේ පැවැත්මම වැඩිහිටියන් නියම කළ ළමා ලෝකය අවුල් කරයි. ඊට වසර දෙකකට පසු පළ වන ‘මඩොල් දූව’ තුළ, ගෙදරින් පිටව ගොස් දූපතක තම ජීවිතය ගොඩනඟන පිරිමි දරුවන් දෙදෙනෙකු අපට හමුවෙයි. ඔවුන්ගේ ජීවිතය වෙනස් වන්නේ ශ්රමයත්, උත්සාහයත් ඔස්සේ. පොතක් දේශසීමාවක් පසු කරන විට එහි චරිත අලුත් පාඨකයන් මුණගැසෙයි- ඔවුන් අතර පිළිසඳර කොයිවගේ වෙයිද? ස්ටොක්හෝම්හි ශ්රී ලංකා තානාපති කාර්යාලය, ස්වීඩන් පරිවර්තන ඇසුරේ පාසල් දරුවන් පිරිසකට ‘මඩොල් දූව’ හඳුන්වා දුන් පුවතක් මා කියවන්නේ ඒ අසබඩ වෙසෙන ශ්රී ලාංකිකයෙකු ලෙස සතුටු වෙමින්. එහෙත් කුඩා ලේඛකයෙකු ලෙස, එම සතුට ඇතුළතම තවත් තවත් ප්රශ්න මා තුළ නැගෙයි. මේ සටහන එබැවිනි. මා සතුටු වන්නේ අපේ පොතක් යුරෝපයට ගිය නිසාද? නැතහොත් අපට පුරුදු ජීවිතයක්, ඊට නුපුරුදු තවත් මිනිසෙකුගේ පරිකල්පනයට ඇතුළු වූ නිසාද? අපි කෙතරම් මෙවන් නුපුරුදු මිනිසුන් පිළිබඳ කියවා ඇත්ද? සැබැවින්ම අපට අපේම මි...
I’m Vidura Dias Abayagunawardana, a Sri Lankan poet, lyricist, broadcaster, and critic based in Helsinki. Vithuda is my literary home: poetry, lyrics, essays, scripts, and reflections on culture, current affairs, belief, belonging, and everyday life. Rooted in Sinhala and shaped by over 30 years of storytelling, my writing looks beyond borders and familiar certainties—to question what we accept, notice what we overlook, and explore what connects us as human beings.