- ලංකා | ROSE : by Kasun Samarathunge #. මං කැමතියි අර පාසැල් යන කාලෙ පෙම්වතියන්ට ලිව්වාය කියන කවියැයි සැක කළ හැකි රචනා ළඟින් අපේ සංවාදය ආරම්භ කරන්න. ඒකද විදුර ඩයස්ගෙ ලිවීමේ ආරම්භය? සපුගස්කන්ද කණිෂ්ටේ - දැන් ඒක සෝභිත විද්යාලය - තුනේ හෝ හතර පංතියෙදි ලියපු කවි රචනාවක් මට යාන්තන් මතකයි, ඒකෙ තිබුණා 'අපි වෙමු මල් වැනි පුංචි ළමයි' කියල කොටසක්. මේක දැකපු මගෙ අම්ම කිව්ව 'වෙමු අපි පුංචි ළමයි මල් වැනි පුංචි ළමයි' කියල පද එහෙ මෙහෙ කරන්න කියල. මා ලියූ කවියක පැරැණිතම මතකය ඒක. මට හිටිය ලාල් නමින් මාමා කෙනෙකුයි බාප්ප කෙනෙකුයි. බාලාංසෙ, එක දෙක වසරවල මම මොල්ලිගොඩ පල්ලිය ඉස්කෝලේ ඉගෙන ගන්න කාලේ පාසල් ඇරුණු වහා දිව යන්නේ, නිවාඩු දවසට ගිහින් ඉන්නේ, ලාල් මාමලෑ ගෙදර. ඔහු හොඳ රසිකයෙක්. කැසට් පීස්වල සිංදු රෙකෝඩ් කරගෙන ඇවිත් ඔහු නිතර අසනව. ඔහු අසන ගී අතර පෙමාතුර හැඟුම්, සීත රෑ යාමේ ආදී ගීත මට කටපාඩම්, අර්ථය දන්නෑ. ඒත් පංතියේ සිංදුවක් කියන්න කිව්වම කාලයක් මම ගැයූ 'ළමා' ගී ඒවා. තුන වසරෙදි සපුගස්කන්ද කණිෂ්ට විද්යාලයට මාරුවෙන්නෙ මාකොළ පදිංචියට ආවම. එතකොට අපි නවතින්නෙ ලාල් බාප්පාට අයිති ගෙද...
I’m Vidura Dias Abayagunawardana, a Sri Lankan poet, lyricist, broadcaster, and critic based in Helsinki. Vithuda is my literary home: poetry, lyrics, essays, scripts, and reflections on culture, current affairs, belief, belonging, and everyday life. Rooted in Sinhala and shaped by over 30 years of storytelling, my writing looks beyond borders and familiar certainties—to question what we accept, notice what we overlook, and explore what connects us as human beings.