සිංහල රටේ සිංහල ජීව දත්ත සටහනක්, සිංහල ව්යාපාරයක මානව සම්පත් කළමනාකරුවන් පිළිගනීවිද? කසුන් කල්හාර වර්ෂ 2000දී පැවැත්වූ පළමු සංගීත ප්රසංගයේ තේමාව වූයේ waves of introspection, කොළඹ ආනන්දයේ අප කළ 99 කලා උලළේ තේමාව වදනින් එහා… වැඩි වැඩියෙන් ගෝලීයකරණය වූ ලෝකයක, බහු ගෝලීය භාෂා - ඉංග්රීසි, ජර්මානු, ප්රංශ, ජපන්, චීන, ස්පාඤ්ඤ, අරාබි - ප්රගුණ කිරීමේ සාම්ප්රදායික ආශාව වනාහී බොහෝ විට අපගේ ප්රගතිය සඳහා අත්යවශ්ය පූර්ව සාධක ලෙස ලාංකේය අපට මූලිකව හැඟේ. අවම වශයෙන්, දෙමළ, හින්දි හෝ උර්දු වැනි කලාපීය භාෂා එන්නේ ඊටත් පසුවය. නමුත් ඵලදායී, අගනා හෝ බලපෑම් සහිත වීමට නම් අපි මේ සියලු භාෂාවන්හි ප්රවීණත්වය සැබවින්ම ලැබිය යුතුද? අද, වෘත්තීය මානව පරිවර්තකයින්ට අමතරව, පරිවර්තන පද්ධති, අතථ්ය මෙවලම්, AIමය බහුභාෂා වේදිකා (Platforms) ඔස්සේ ජාත්යන්තර සන්නිවේදනය, වෙන කවරදාටත් වඩා නිවැරදිව හා කාර්යක්ෂමව හැසිරවෙන පසුබිමක අපි ඒ ගැන වඩාත් අවධානය යොමු කළ යුතුය. පුද්ගලික නීතිමය ලියවිල්ලක සිට සාහිත්ය කෘති දක්වා වූ ගෝලීය වශයෙන් විසිරුණ ඕනෑම අවශ්යතාවක් උදෙසා තාක්ෂණය දැනටමත් මැදිහත්කරුවකු වී අවසන්. එබැවින්, භාෂා උගෙ...
I’m Vidura Dias Abayagunawardana, a Sri Lankan poet, lyricist, broadcaster, and critic based in Helsinki. Vithuda is my literary home: poetry, lyrics, essays, scripts, and reflections on culture, current affairs, belief, belonging, and everyday life. Rooted in Sinhala and shaped by over 30 years of storytelling, my writing looks beyond borders and familiar certainties—to question what we accept, notice what we overlook, and explore what connects us as human beings.